ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද

මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, රුපියල් 2,982ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 1,256කි.