ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් දැනුම්දීමක්

ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි, ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල යම් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇත්තේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම හේතුවෙන් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑමවිටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධන හල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බව අමාත්‍යවරයා එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )