මෙක්සිකෝවේ මගී බස් රථ අනතුරකින් 17ක් මරුට

මෙක්සිකෝවේ මගී බස් රථ අනතුරකින් 17ක් මරුට

බටහිර මෙක්සිකෝවේ මගී බස් රථයක් අධිවේගී මාර්ගයකින් මිටියාවතකට පෙරලීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් විසි දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

අඩි 164ක් පමණ ගැඹුරු වූ මිටියවතකට බස් රථය පෙරළීයාම හේතුවෙන් පුද්ගලයින් බේරාගැනීම අතිශයින්ම දුෂ්කර බවයි, නයාරිට් ප්‍රාන්තයේ ආරක්ෂක සහ සිවිල් ආරක්ෂක ලේකම් Jorge Benito Rodriguez පවසා ඇත්තේ.

මියගිය අය අතර වැඩිහිටියන් 14 දෙනෙකු සහ ළමුන් තිදෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මගීන් 40 දෙනෙකු පමණ රැගෙන ටිජුවානා දෙසට ගමන් ගත් මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට යාමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This