ගෑස් මිලේ වෙනසක් නැහැ

ගෑස් මිලේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වුවද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ තොරතුරු වාර්තා වුණේ, ගෑස් මිලෙහි සංශෝධනයක් අද දිනයේ සිදු කිරීමට නියමිත බවයි.

මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

Share This