පන්දම් එළියෙන් මිහින්තලාව තරණය කළ විදේශිකයෝ

පන්දම් එළියෙන් මිහින්තලාව තරණය කළ විදේශිකයෝ

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්,පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කරන අයුරු දැක ගැනීමට හැකි විය.

රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ඊයෙ (3) දින දහවල් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.