රට ගොඩ ගත හැකි හුරුබුහුටි නායකයා චම්පිකයි – නීතිඥ ශිරාල් ලක්තිලක

රට ගොඩ ගත හැකි හුරුබුහුටි නායකයා චම්පිකයි – නීතිඥ ශිරාල් ලක්තිලක

රෝගී වී සිටින ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ හොර තෙල් බෙහෙත්කරුවකු නොවන බවත්. අවශ්‍ය වන්නේ රට ඉහළට ඔසවා තැබිය හැකි හුරුබුහුටි නායකයෙකු බවත් එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ගෝලබාලයන් වන කෙහෙලිය වැනි අමාත්‍යවරුන් සිදුකර ඇත්තේ “අම්මගේ මිනිය සාලේ තියාගෙන බූරුවා ගහනවා වගේ වැඩ” වැඩක්, බවත් මෙවැනි දුෂිත පාලකයන් මෙරට දේශපාලනයෙන් ඉවත්කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වනු ලැබූ කඩුවෙල ආසනයේ අතුරුගිරිය ජනහමුව අමතමිනි.

හොරුන්ට දඬුවම් දෙන්නේ නම් රට බංකොලොත් වූ පසුබිමකත් හොරා කෑ කෙහෙළිය වැනි ඇමතිවරුන්ට දෙන දඬුවම ඩබල් විය යුතු බවත් ලක්තිලක මහතා පවසයි.

“රට බංකොලොත් වෙලා. බංකොලොත් වීමේ ආදීනව, අපි දිනපතා භුක්ති විඳිනවා. ඔබ දැක්කා රටවැසියෝ සතුටු වෙලා තිබුණා කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා අත්අඩංගුවට ගැනීම ගැන.

මේ අපේ රටේ දේශපාලන පන්තිය මේ හොරකම කරේ බංකොලොත් වුණාට පස්සේ නෙවෙයි. ඒකයි මේකේ තියෙන වැදගත්කම. රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා හොරකම් කරා මහින්ද රාජපක්ෂලා.

එයාගේ ගෝලබාලයෝ. මේ කරේ රට බංකොලොත් වුණාට පස්සේ ඉන්දියාව අපිට පිනට දීපු සල්ලි ටිකෙන්. ඒකටත් කෙලින්නයි ගියේ. ඒක හරියට කොයි වගේද? අම්මගේ මිනිය සාලේ තියාගෙන බූරුවා ගහනවා වගේ වැඩක්.

මෙන්න මේකයි අපේ දේශපාලන පන්තියේ ඔය මහින්දගේ ගෝලබාලයොන්ගේ හැදියාව. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙනවා නම් කෙහෙලියට ඩබල් දඬුවම් දෙන්න ඕනෙයි කියලා අපි කියනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියි.

@newsi.lkහුරුබුහුටි පාඨලී චම්පික ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා #PataliChampika #RanawakaNews #PoliticalSrilanka #SrilankaPolitics #ChampikaRanawaka #PoliticalNews #PoliticalUpdates #Srilanka #SrilankanPolitics #Ranawaka #PoliticalLeadership #SrilankanPoliticians #PoliticalAnalysis #NewsUpdates #PoliticalDevelopments #RanawakaParty #PoliticalDiscussions #SrilankanGovernment #ChampikaRanawakaNews #SrilankanPolitica #newsi #newsi.lk

♬ original sound – newsi.lk

Share This