ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 1.30ට පමණ රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේය.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවත් වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා සහිත බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ