මොරොක්කෝවේ ප්‍රබල භූකම්පනයක්

මොරොක්කෝවේ ප්‍රබල භූකම්පනයක්

මොරොක්කෝ රාජ්‍යයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

එසේම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මොරොක්කෝවේ ඇට්ලස් කඳු පන්තියේ ඊයේ (08) රාත්‍රි 11 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර එය රිච්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොරොක්කෝවේ Marrakesh සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ High Atlas කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.

භූමිකම්පාවෙන් al-Haouz, Marrakesh, Ouarzazate, Azilal, Chichaoua සහ Taroudant යන පළාත්වලට බලපෑම් එල්ල වී තිබේ.

එමෙන්ම, භූ කම්පන තත්ත්වයෙන් එරට ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබේ.

සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This