මිනිස් සිරුරු කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගැනේ

මිනිස් සිරුරු කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගැනේ

උතුරු මෙක්සිකානු බලධාරීන් විසින් එරට Guadalajara ප්‍රාන්තයේ කැළෑ බද ප්‍රදේශයක තිබී මිනිස් සිරුරු කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මැයි 20 වැනිදා සිට අතුරුදන් වූ බව කියන වයස අවුරුදු 30ක් පමණ වන කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පස්දෙනකු සොයා බලධාරීන් සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මෙම සිරුරු කොටස් සොයාගෙන ඇති බවයි.

කාන්තාවන්ගේ සිරුර කොටස් ද එම ගමන් මලුවල ඇති බවට හඳුනාගෙන ඇති අතර ඒවායේ පවතින සිරුරු සංඛ්‍යාව සොයා බැලීම සඳහා කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තවදුරටත් එම ස්ථානයේ මිනිස් ශරීර කොටස් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව ද සඳහන්.

එමෙන්ම ගමන් මලු තුළ තිබී සොයාගත් මිනිස් ශරීර කොටස්වල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

Share This