ඊලෝන් මස්ක් පරදා ජෙෆ් බේසොස් පළමු තැනට

ඊලෝන් මස්ක් පරදා ජෙෆ් බේසොස් පළමු තැනට

ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් පත්වීමට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් සමත් වී තිබේ.

මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වන අතර ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවයි, Bloomberg ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ සඳහන් වන්නේ.

ඒ අනුව, පසුගිය වසරක කාලය තුළදී ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී තිබේ.

Amazonහි කොටස් මිල මේ වසරේ 18%කින් ඉහළ ගොස් ඇති අතර, Teslaහි 24%කින් පහත වැටී තිබේ.

Share This