ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සහ එහි සිටි පුද්ගලයන්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සහ එහි සිටි පුද්ගලයන්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට ගොස් පිපිරී විනාශ වුණු “ටයිටන්” සබ්මැරීනයේ කොටස් සහ එහි ගමන් කළ පස් දෙනාගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම මිනිස් ශරීර කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ඩ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙනවිත් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම සිරුරු කොටස් සම්බන්ධයෙන් අමෙරිකානු වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් විධිමත් විශ්ලේෂණයක් ඉදිරියේදී සිදුකරනු ඇති බවයි, අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරකයින් තිදෙනෙකු ඇතුලුව පුද්ගලයින් පස් දෙනෙකු ටයිටන් සබ්මැරීනය මඟින් ඉකුත් 18 වනදා අත්ලන්තික් සාගර පතුලට ළඟාවී තිබුණි.

ගමන ආරම්භ කර පැය දෙකකට ආසන්න කාලයකදී සබ්මැරීනය මව් නෞකාව සමඟ පැවති සබඳතා බිඳ වැටුණු අතර දින 05 ක් පුරා සිදුකළ මෙහෙයුම්වලදී අනාවරණ වුණේ එය පුපුරා විනාශවී ගොස් ඇති බවයි.

එම අනතුරත් සමඟ එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනාම ජීවිතක්ෂයට පත්විය.

 

Share This