දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 03 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 03 වන බදාදා

රාහු කාලය
12:07 pm – 1:40 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ ඵල සහිතයි. රාජකාරි බහුල වෙයි. රැකියා ස්ථානවල තරමක් අවුල් සහගත තත්ත්ව ඇති වෙයි. වගකීම් බහුල වීම මත තරමක් ආවේගශීලී ගති ඉස්මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියාවේ යෙදීම මැනවි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-05-02

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වෙයි. අතරමග නතර කළ වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති වෙයි. ගමන්බිමන් ද යෙදේ. වැයපස ද ඉහළ යයි. අන් අයට උපදෙස් හෝ මඟපෙන්වීම්වලට හේතුයි. සෙම් ආශ්‍රිත රෝග මතුකරයි.

Date: 2023-05-02

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

ක්‍රියාශීලියි. පොදු සේවා කටයුතු, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. වැයපස ද ඉහළ යයි. තරමක් සිත් චංචල කරවන ක්‍රියාවන්හි යෙදේ. ආගමික උත්සව, වගාවන් ආදියෙහි යෙදේ. ස්නායුගත රෝගවලට හේතුයි.

Date: 2023-05-02

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දානමානාදී පුණ්‍ය ක්‍රියාවන්හි යෙදේ. විනෝදකාමි ක්‍රියාවන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ලබයි. ආමාශගත රෝග, පාද ආබාධ මතුවේ.

Date: 2023-05-02

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ ඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථාන චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්ෂි රෝග කර්ණ රෝග මතුකෙරේ. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි.

Date: 2023-05-02

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලි දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුර දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරසගත රෝග ද මතුකරන දිනකි. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි.

Date: 2023-05-02

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

සුළුවෙන් හෝ ගමන්බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතුවෙයි. වැයපස ඉහළ යයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුකරයි. ප්‍රීති සාද වැනි දේවලට යොමුවේ.

Date: 2023-05-02

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේගශීලී වෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුවෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි.

Date: 2023-05-02

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵල දෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. දහමට ලොල්ව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක් දියුණුව පෙනේ. ස්නායුගත රෝග මතුවෙයි.

Date: 2023-05-02

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වැයපස ඉහළ යයි. ආගමික වතාවත් පුද පූජාවලට යොමු වෙයි. ලේ දූෂිත රෝග, හදවත් රෝග මතුවේ.

Date: 2023-05-02

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා නිල්
Qries

කුම්භ

ශුභවාදී ඵල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා ක්‍රියාකාරකම්වල ද යෙදේ. ආගමික ක්‍රියා කටයුතුවල ද යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතුවේ.

Date: 2023-05-02

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. හුදෙකලාව ගතකරයි. ඉවසීමෙන් ජය ලබාගත හැකිය. සතුරන් ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියත් කරයි. පුද පූජා කර්මවල ද යෙදේ. මුත්‍රා දැවිලි ආසාදන රෝග සාදයි.

Date: 2023-05-02

ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ
Share This