පාසලක් වසා දැමූ බඹර කුඩුව ගිනි තබා විනාශ කරයි

පාසලක් වසා දැමූ බඹර කුඩුව ගිනි තබා විනාශ කරයි

පාසල් ළමුන් පිරිසකට බඹරුන් පහර දිම හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් එල්බොඩ දමිල මහ විද්‍යාලය අද (02) දින තාවකාලිකව වසා දැමු බව විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.

පාසල අසල පිහිටි ගසක බැද තිබූ බඹර කුඩුවක බඹරුන් ඇවිස්සි පාසලට පැමිණෙමින් සිටි ළමුන් පිරිසකට සහ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් කිහිපදෙනෙකුට පහර දීම හේතුවෙන් පාසල් ළමුන් තිදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

පාසල් ළමුන්ට සහ දෙමව්පියන්ට පහර දුන් බඹරුන් තමන්ටද පහර දුන් බවත්, ඇවිස්සුණු බඹරුන් පාසල තුලට පිවිසිම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියට යටත්ව පාසල අද දින වසා දැමු බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.

පාසල අසල බැද ඇති බඹර කුඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසට හැටන් කලාප අධයාපන කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර තිබුණද එම බඹර කුඩුව ඉවත් කිරිමට මෙතෙක් කටයුතු නොකිරිමට උරණ වු වතු කම්කරුවන් පාසල අසල ගසක බැද තිබු බඹර කුඩුව ගිනි තබා විනාශ කිරිමට කටයුතු කර තිබුණි.

එම වතුයායේ තවත් ස්ථාන කිහිපයකම බඹරුන් කුඩු බැද ඇති බවත්, පවතින කාලගුණයත් සමග බඹරුන් නිරන්තරයෙන් ඇවිස්සි පාසල් ළමුන්ට සහ තේ වත්තේ වැඩ කරන වතු කම්කරුවන්ට පහර දෙන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

Share This