web hit counter
ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

සවස 1.00 පසු බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, දකුණු පළාත්වලත් යාපනය,කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවේ.

නැගෙනහිර,ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රිකකයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75 වැඩි වැසි ඇති විය හැකියි.

වැස්ස සමග තද සුළං සහ අකුණු සැර ඇති විය හැකි බැවින් ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )