දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 04 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 04 වන සිකුරාදා

රාහු කාලය
10:43 am – 12:16 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ක්‍රියාකාරී දිනකි. රාජකාරි ද බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ගමන් බිමන්ද බහුල වෙයි. අවිවේකී වුවද ක්‍රියාකාකරකම් වල යෙදේ. මිල මුදල් බහුලව වැය වෙයි. හදිසි ලාභද සුළුවෙන් හෝ ලබයි. මුත්‍රා ආසාදන රෝග ද මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

අවිවේකී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් මත සිත් චංචල කරවයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු අතර ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. වැදගත් මිතුරු සබඳතා ඇතිවන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 04
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ගමන් බිමන් බහුල වෙයි. තම ව්‍යාපාරවල තරමක පසුබෑමකට හේතුයි. ආදායම් ද පහත වැටේ. සෘජු ගුණයෙන් ක්‍රියා කළ යුතුය. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර මහජන ප්‍රසාදයට කරුණු යෙදේ. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ශුභවාදී ඵල මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශි වී ක්‍රියා කරයි. තම නිවස තරමක් උත්සවශ්‍රියාවක් ගෙන දෙයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. තැන්පත් ධනය තරමක් වැය වේ. සිරස ගත රෝගා බාධ මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් හුදෙකලා බවක් මතු වෙයි. වැයපස ඉහළයි. ආර්ථික පීඩා ද මතු කරයි. ආගමික පුද පූජා කර්ම ගරු කරයි. හදිසි ලාභ ද මතු වේ. උදරාබාධ ඉස්මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභාශුභ ඵල දෙයි. තරමක් අලස ගති ඉස්මතු කරයි. හුදෙකලා බවක් ඇති වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. ආදායම් මාර්ග හිරවෙයි. සිත් චංචල කරවයි. හිසෙහි රෝග මතු කරයි.

Date: 2023-08-03

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. දවස නිවස තුළ ගත කරයි. නිවාස අලංකාර කටයුතු වල යෙදේ. ලිපි ලේඛන වල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරවයි. සෙම් රෝග මතු වෙයි.

Date: 2023-08-03

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. කෙටි ගමන් වල යෙදේ. හුදෙකලාව වැඩිපුර කාලය ද ගෙවයි. තරමක් ආර්ථික පීඩා මතු කරයි. ආගමික පුද පූජා වැනි දේවලට යෙදේ. වාතාධික රෝග මතු වෙයි.

Date: 2023-08-03

ජය අංකය: 04
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරි වලදී කැපී පෙනේ. ගමන් බිමන් ද තරමක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. ලේ දූෂිත රෝග මුත්‍රා ආසාදන මතු වේ.

Date: 2023-08-03

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රවේශමෙන් හුදෙකලා බවින් අතමිදේ. තම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. නව වැඩ ඇරඹීමට ශුභයි. මුල රෝග, බඩවැල් රෝග මතු වේ.

Date: 2023-08-03

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

තරමක් අවිවේකී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවස ගෙවේ. තම නිවස තරමක උත්සව ස්වභාවයක් මතු කරයි. රාජකාරි ද බහුල දිනකි. හදිසි ධන ලාභ ලැබීම් වලට හේතුයි. සන්ධි රෝග වාතා රෝග මතු වේ.

Date: 2023-08-03

ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ක්‍රියාශීලී දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යාමේ ශක්තිය මතු කරයි. නව වැඩ ඇරඹීමට ද හේතුයි. හුදෙකලා බවින් අතමිදේ. නව මිතුදම් ඇති වෙයි. වැය පස ඉහළ යයි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2023-08-03

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Share This