දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 22 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 22 වන සඳුදා

රාහු කාලය
7:26 am – 8:59 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

 

Qries

මේෂ

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති සාද උත්සව යෙදේ. සංවිධානයටද හේතුයි. දුරස්ථව සිටි තම ඥාතීන් මිතුරන්ද සමීප වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුදෙයි. සෙම් කෝප රෝගද මතු කරයි.

Date: 2023-05-22

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ගමන් බිමන් ඉහළ යාහැකි දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන අතර නවක මිතුදම් ඇතිවේ. නව නිර්මාණ ඇරඹීමටද හේතුයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණාද යෙදේ. පාදවල කොන්දේ අමාරු මතුවේ.

Date: 2023-05-22

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාශීලී දිනකි. උනන්දුවෙන් තම රාජකාරිවල යෙදෙන අතර අනවශ්‍ය විවේචන මත සිත් චංචල වෙයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළයුතු ලිපි ලේඛන ආදි ක්‍රියාවන්ගෙන් ජයග්‍රහණ ලබන හදිසි ලාභ දෙන දිනකි. මූලාර්ශස් රෝග සාදයි.

Date: 2023-05-22

ජය අංකය: 08
ශුභ වර්ණය: ලා නිල්
Qries

කටක

තරමක් අවිවේකී බව ඇතිකරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. තමන් ප්‍රසාදයට පත්වන අතර තරමක් වැයපසද ඉහළ යයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-05-22

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

කලබලකාරී වාතාවරණයක් යොමුවන අතර සුපුරුදු ක්‍රියාමාර්ග වල යෙදේ. ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියාකරයි. දුරගමන් වලදී ප්‍රවේශම මැනවි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සිරසගත රෝග මතුවෙයි.

Date: 2023-05-22

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ ඵලමතු කරයි. කෙටි ගමන් වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර දහමටද ලැදිවෙයි. මුත්‍රා ආසාදන රෝග වලට හේතුයි.

Date: 2023-05-22

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල සහිතයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියාවන්හි යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල්ද වැයවන දිනකි. සෙම් කෝප රෝගද මතුකරයි.

Date: 2023-05-22

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

රාජකාරි වලින් ඉවත් වීමෙන් අවිවේකය මතු කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම්ද එල්ල වෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුකරයි. යටපත්ව තිබූ රෝගද මතු කරයි.

Date: 2023-05-22

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් අවිවේකී බව ඇතිකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව දහමට ලැදි ක්‍රියාවන්හි යෙදේ. පුද පූජා කර්ම වැනි දේවල්වල යෙදේ. වැයපස ඉහළයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි. විනෝදජනක ගමන් යෙදේ.

Date: 2023-05-22

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභාශුභ ඵල මතු කරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේවලට සහභාගිවන අතර ආගමික වතාවත්ද ගරුකර ක්‍රියාකරන දිනකි. අමතර ලාභ ලබයි. සන්ධි රෝග ඉදිමුම් රෝග මතු කරයි. හදිසි ධනලාභ ලැබීම් ඇතිවෙයි.

Date: 2023-05-22

ජය අංකය: 09
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන දිනකි. ආගමික වතාවන් ගරුකරන අතර පොදුසේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. වාතාධික රෝග, කොන්දේ රෝග මතුවේ. ප්‍රීති සාද වැනි දේවල්ද යෙදේ.

Date: 2023-05-22

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

සුපුරුදු ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට ලැදිව ක්‍රියාකරයි. සුළුවෙන් හෝ ප්‍රීති සාද වැනි දේවලටද යොමුවෙයි. නවක මිතුදම් ඇතිවෙයි. අමතර ලාභ ලැබීම් වලට හේතුයි. සෙම් කෝප, ඌෂ්ණ රෝගාදියට හේතුයි. විනෝද ගමන් යෙදේ.

Date: 2023-05-22

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ
Share This