web hit counter
පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීමක්

පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීමක්

ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ජූලි මස 01 වැනිදා පෙ.ව. 9.30 පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ඊයේ (27) ලිපියකින් දැනුවත් කොට තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (27) නිකුත්කොට තිබුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )