යාපනය සහ කොළඹ කොටුව අතර දුම්රිය ගමන් යළි ඇරඹෙයි

යාපනය සහ කොළඹ කොටුව අතර දුම්රිය ගමන් යළි ඇරඹෙයි

යාපනය සහ කොළඹ කොටුව අතර නවතා තිබූ දුම්රිය ධාවනය යළි ලබන මස ජූලි 15දා සිට ආරම්හ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසා කොළඹ සිට දුම්රිය ධාවනය පසුගිය ජනවාරී මස 05 වෙනිදා සිට අනුරාධපුරයට පමණක් සීමා කර තිබිණි.

ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම මහව සිට ඕමන්ත දක්වා සිදු කිරීමට නියමිත නමුත් ඉදිරි කාලයේදී දැඩි වර්ෂා කාලයක් එළඹෙන බැවින් අනුරාධපුරයේ සිට මහව දක්වා වූ මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම ලබන ජනවාරී මස දක්වා කල් දමා ඇත.

දැනට අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට අවසන් නිසා කොළඹ කොටුව හා යාපනය අතර දුම්රිය ධාවනය ජූලි මස 15 වෙනිදා සිට ආරම්හ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Share This