දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබිණි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.