ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් – 4 ක් මරුට

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් – 4 ක් මරුට

ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේවස්ථානයේ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අයි.එස්. සාමාජිකයකු බව මේ වනවිට තහවුරු වී ඇත.

මේ වන විට ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා ඇති අතර නගරයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This