යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් – 4ක් මරුට

යුක්‍රේනයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් – 4ක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ Kramatorsk නගර මධ්‍යයට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසයි.

මෙම මිසයිල ප්‍රහාර අවන්හලකට සහ සාප්පු සංකීර්ණ ප්‍රදේශයකට එල්ල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සුන්බුන් යට සිරවී සිටින මිනිසුන් බේරා ගැනීම සඳහා මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිදු වූ ප්‍රහාරයෙන් මියගිය අය අතර 17 හැවිරිදි දැරියක් ද සිටින බව ද වාර්තා වේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර මාස අටක් වයසැති ළදරුවෙකු සහ විදේශිකයන් තිදෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, එරට නිලධාරීහු සඳහන් කරන්නේ.