ලොව විශාලතම මැතිවරණය ඇරඹෙයි

ලොව විශාලතම මැතිවරණය ඇරඹෙයි

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ආරම්භ විය.

ලොක් සභාවේ ආසන 543 වෙනුවෙන් අද (19) මහ මැතිවරණය පැවැත්වෙන අතර මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙනවා.

ඒ අනුව ඡන්ද දායකයන් අද (19) සිට දින 44ක කාලයක් ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5ක් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත.

Share This