ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පොළී ගැනීමේදී ඇතිවූ ගැටලුවට විසඳුමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පොළී ගැනීමේදී ඇතිවූ ගැටලුවට විසඳුමක්

රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව, එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පැවසීය.

මෙම ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ද ලබා ගතහැකි බවයි, රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සඳහන් කළේ.

එමෙන්ම, මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකු පත් කර ඇති බවද , අමාත්‍යවරයා පැවසීය.

Share This