උතුරු ගාසාහි රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

උතුරු ගාසාහි රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

උතුරු ගාසාහි අල් කුඩ්සු රෝහල හිස් කරන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී ඇති බව පලස්තීන රතු අඬසඳ ව්‍යාපාරය පවසයි.

එසේ නොකළහොත් ඊට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව එම සංවිධානය පවසයි.

කෙසේ නමුත් රෝගීන් රැසක් ප්‍රතිකාර ලබන දැඩි සත්කාර ඒකකය සහ විශේෂ ප්‍රතිකාර අවශ්‍ය ළදරුවන් සිටින බැවින් ඔවුන් ඉවත්කිරීම අතිශය අසීරු කාර්යක් වනු ඇති බව පලස්තීන රතු අඬසඳ ව්‍යාපාරය පෙන්වා දෙයි.

එමෙන්ම එම භූමියේ රැකවරණය ලබන සිවිල් වැසියන් ගණන 14,000කි.

මෙවන් පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් ඊශ්‍රායලයට ආයාචනා කර සිටින්නේ සටන් විරාමයක් සඳහා යොමුවන ලෙසය.

Share This