පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

පාකිස්තාන මහ මැතිවරණය හෙට (8) පැවැත් වීමට නියමිත අතර අද (7) දිනය පුරා ප්‍රාන්ත රැසකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී තිබේ.

පළමු බෝම්බය පුපුරා ගියේ බලුකිස්තානයේ ෂිහින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේකෂකයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉදිරියේය. එම බෝම්බයට හසුවීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

දෙවැනි බෝම්බය පුපුරා ගියේ කිල්ලා සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ ය. එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 8 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බ පුපුරුවන්න ඇත්තේ බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් යැයි පොලිසිය සැක කරයි.

සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ බෝම්බයට හසුවීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

Pakistan Blasts Kill At Least Two Dozen and Injure More On Eve of Election

Australia unchanged for Sydney Test, Pakistan leave out Shaheen and Imam |  Arab News

Share This