කෘතිම වකුගඩුවල හා රුධිර නාළවල දැඩි හිඟයක්

කෘතිම වකුගඩුවල හා රුධිර නාළවල දැඩි හිඟයක්

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණයේදි භාවිත කරනු ලබන කෘතිම වකුගඩුවල සහ රුධිර නාළවල දැඩි හිඟයක් පවතින බව අනාවරණය වෙයි.

ඒ හේතුවෙන් වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි ගැටලු පැන නගින බව වෛද්‍යවරු පවසති.

එසේම වෘක්කවේද කාන්දු පෙරීමේ හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) රෝගින් සඳහා භාවිත කරනු ලබන කෘතිම වකුගඩු සහ රුධිර නාළ ප්‍රමාණවත් වන්නේ තවත් සතියක පමණ කාලයකට පමණක් බව පැවසේ.

වකුගඩු පරිත්‍යාගශීලින් විසින් වකුගඩු පරිත්‍යාග කිරීමේ අඩුවක් පවතින බැවින් හැකියාවක් ඇති පුද්ගලයන්ට වකුගඩු රෝහලට වකුගඩු පරිත්‍යාග කිරීමට අවස්ථාව ඇති බව රෝහල් පාලනාධිකාරිය දැනුම් දෙයි. මේ වනවිට මෙරට වකුගඩු රෝගින්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන අතර, මසකට වකුගඩු රෝගින් සියයක් එකසියපනහක් අතර ප්‍රමාණයක් වාර්තාවන බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරති.

Share This