බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video

බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මළසිරුරු 20කට ආසන්න ප්‍රමාණයක් එහි ඇති බවට අනුමාන කරන බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මළසිරුරු නරක් වීම හේතුවෙන් බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව නොදන්නා බව බ්‍රසීල බළධාරීන් උපුටා ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ පිරිස බ්‍රසීල ජාතිකයන් විය නොහැකි බවට අනුමාන කරන විමර්ශකයින් පවසන්නේ බොහෝ දුරට ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි පුද්ගලයින් විය හැකි බවය.

Share This