ත්‍රිරෝද රථ ගාස්තු අඩුවෙයි

ත්‍රිරෝද රථ ගාස්තු අඩුවෙයි

පෙට්‍රල් මිල පහත දැමීම සහ ඉන්ධන කෝටාව ඉහළ දැමීම පිළිබඳව අවධානය යොමු කර ත්‍රිරෝද රථ ගාස්තු පහත දැමීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 80 ක් ලෙස ත්‍රිරෝද ගාස්තුව සංශෝධනය කරන බව එම සංගමය පැවසීය.

බොහෝ ත්‍රීරෝද රථ මේ වන විට පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටරයට රුපියල් 100 ක් අය කරයි.