ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟය අද

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරඟය අද

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.

තරගය ලක්නව් හිදි මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවූ පළමු තරග දෙකම පරාජයට පත්වූ අතර, ආබාධයකට ලක්වීම හේතුවෙන් දසුන් ශානකට මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබේ.

ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායම එක්කර ඇති අතර ආබාධයකට ලක්වු මතීෂ පතිරණ වෙනුවට අද තරගය සඳහා ළහිරු කුමාර බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇති බව සඳහන් වේ.