ලිහිසි තෙල් ආනයනය කිරීමේ ගැටලුවක්

ලිහිසි තෙල් ආනයනය කිරීමේ ගැටලුවක්

මෙරටට ලිහිසි තෙල් ආනයනය කිරීමේදී ගැටලුවක් මතුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විට ලිහිසි තෙල් ගෙන්වන සමාගම එය අත්හිටුවීමට සූදානම් වීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි පැවසේ.

වෙළෙඳපොළේ කිසිදු ඉන්ධන වර්ගයක් මේ වන විට හිඟ නොමැති වුවත් මේ අනුව ලිහිසි තෙල් ලබාගැනීමේ දුෂ්කරතාවක් ඇති විය හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් අප කළ විමසුමකදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලිහිසි තෙල් භාවිතය කිලෝ ලීටර් 65000 ඉක්මවයි. කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ‘CEYPETCO’ සන්නාමය යටතේ මෙම ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබුණද එහි නිෂ්පාදන ධාරිතාව සියයට දහයක් පමණ වෙයි.

Share This