හොන්ඩුරාස් හි කාන්තා බන්ධනාගාරයක ගින්නක් – 41 ක් මරුට

හොන්ඩුරාස් හි කාන්තා බන්ධනාගාරයක ගින්නක් – 41 ක් මරුට

මධ්‍යම ඇමරිකානු රටක්වන හොන්ඩුරාස් හි කාන්තා බන්ධනාගාරයක ප්‍රතිවාදී කල්ලි අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසයි.

එක් කල්ලියක් විසින් ප්‍රතිවාදී කල්ලි සාමාජිකයින් සිර මැදිරියක සිර කර ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

රැඳවියන් 25 දෙනෙකු පිළිස්සී මිය ගිය බවට විශ්වාස කෙරෙන අතර අනිත් අය වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තුවාලකරුවන්ගෙන් ඇතැමුන් රෝහල් ගත කර තිබේ.

පිළිස්සී ගිය දේහයන් හඳුනාගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This