ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ සබ්මැරීනය ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇතැයි වාර්තාවේ.

මේ සදහා සබ්මැරින යොදවන සංචාරක සමාගම වන OceanGate පවසා ඇත්තේ සබ්මැරිනයේ සිටි පුද්ගලයින් පස් දෙනා බේරා ගැනීම සඳහා සියලු විකල්ප ගවේෂණය කරමින් සිටින බවයි.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේය.

මීටර් 3,800ක් වූ ගැඹුරක් දක්වා මෙම සබ්මැරීන සංචාරය සිදු කරන අතර දින අටක සංචාරයක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල ඩොලර් 250,000 කි.

යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානා දෙකක්, සබ්මැරීනයක් සහ සෝනාර් බෝයාවන් සම්බන්ධ කර ඇත.

අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටි අය අතර 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ගවේෂකයෙකු වන හමිෂ් හාඩින් ද සිටින බව ඔහුගේ පවුලේ අය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share This