හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඇමරිකානු ජාතික අම්මයි දුවයි නිදහස්

හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඇමරිකානු ජාතික අම්මයි දුවයි නිදහස්

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදි පහර දුන් අවස්ථාවේ, හමාස් සටන්කාමීන් විසින් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි ඇමරිකානු ජාතික මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.

මෙලෙස නිදහස් කර ඇත්තේ, 59 හැවිරිදි ජුඩිත් තායි රනාන් සහ ඇගේ දියණිය වන 17 හැවිරිදි නටාලිය.

ගාසා තීරයට සමීප දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස් හි, තම හිතවතුන් පිරිසකගේ සුවදුක් බැලීමට පැමිණ සිට අවස්ථාවේ සිදු වූ හමාස් මෙහෙයුමේ දී මොවුන් පැහැර ගැනීමට ලක් ව තිබිණි.

හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් ඊශ්‍රායලය මධ්‍යයේ පිහිටි හමුදා කඳවුරක් වෙත රැගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළේ කෙසේ ද සහ කවදා ද යන්න ඉස්ලාමීය කණ්ඩායම ප්‍රකාශ කර නොමැති බව සඳහන්ය.

ඊශ්‍රායලයත් සමඟ යුද තත්වය ආරම්භ කිරීමෙන් පසුව හමාස් සංවිධානය මෙලෙස සිය ප්‍රාණ ඇපයේ සිටි පුද්ගලයින් නිදහස් කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර හමාස් සංවිධානයේ මෙම තීරණය පිළිබඳව තමා අතිශයින් සතුටට පත්වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

Share This