web hit counter
බම්බලපිටිය තාවකාලික දුම්රිය පාලම විවෘත කෙරේ

බම්බලපිටිය තාවකාලික දුම්රිය පාලම විවෘත කෙරේ

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට ඉදිකෙරුණු තාවකාලික පාලම අද (27) විවෘත කෙරුණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාලම ඉදිකළ සේවකයන්ගේ සුරතින් එය විවෘත විය

බම්බලපිටිය දුම්රියපොළට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව ඇති බැවින් නව පාලමක් ඉදිරිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබිණ.

ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදිකර ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් -  දිනමිණ

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )