web hit counter
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් අද (21) අලුයම මියගොස් ඇතැයි ඇහැළියගොඩ පොලිසිය පැවසීය.

පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිල නිවස තුළ තිබියදී මොහුගේ මළ සිරුර හමුවූ බවයි, පොලීසිය කියා සිටියේ.

හිසේ දකුණු කණ පැත්තෙන් වෙඩිවැදුන බවට සැකකළ හැකි ලේ වහනය වන තුවාලයක් ඇති බව ද පොලිසිය පැවසුවේය.

මෙසේ වෙඩි වැදිමෙන් මියගිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා වාද්දුව ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි දෙදරු පියකු බව ද පොලිසිය පැවසීය.

වෙඩි වැදී තුවාල ලබා සිටි ස්ථානාධිපතිවරයා අලුයම් කාලයේදීම ඇහැලියගොඩ මුලික රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසුවේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )