web hit counter
එක් පොලිස් නිලධාරිනියගේ ලැම හා තවත් නිලධාරිනියගේ ඇගිල්ලක් සපා කෑ තරුණියක් අත්අඩංගුවට

එක් පොලිස් නිලධාරිනියගේ ලැම හා තවත් නිලධාරිනියගේ ඇගිල්ලක් සපා කෑ තරුණියක් අත්අඩංගුවට

පොලිස් ස්ථානය තුළදී තරුණියක් විසින් එක් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් සපාකෑමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පොලිස් කාන්තාවන් දෙදෙනාම අද (20) අලුයම් කාලයෙදී රෝහල්ගත කිරීමට සිදුවූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

පොලිස් නිලධාරිනියන් දෙදෙනා සපා කෑ තරුණියද මේ සමග අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.

බලපිටිය රෝහල ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බීමතින් යැතුරු පැදියක් පැද්දේ යයි චෝදනාවට සහෝදරයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රි සැකපිට ප්‍රශ්න කිරිම සඳහා පොලීසියට රැගෙන විත් තිබේ.

ඒ අවස්ථාවේදී මේ සැකකාර තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පෙම්වතියක් පොලීසියට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීමට ගිය පොලිස් කාන්තාවන් දෙදෙනාටම සපා කා තුවාල සිදු කර ඇති බව ද පොලීසිය කියයි.

සැකකාරියගේ සපා කෑමෙන් එක් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් හා අනෙක් නිලධාරිණියගේ ලැම ප්‍රදේශය තුවාලවී ඇති බව ද පොලීසිය කියයි.

තුවාල ලැබූ පොලිස් කන්තාවන් දෙදෙනාම මේ වනවිට බලපිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )