පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට

පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයේ රියදුරා ද ඇතුලුව එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති අතර දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුව තිබේ.

බස් රථය ප්‍රපාතයට ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති බව ද පැවැසෙයි.

එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර බරපතළ තුවාල ලැබූ ඇය හෙලිකොප්ටර් ආධාරයෙන් රෝහලකට රැගෙන ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.

 

Share This