පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පිරවීමට අනුමැතිය

පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පිරවීමට අනුමැතිය

2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

තව ද 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු පුරප්පාඩු සදහා බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී නොමැත.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ.