web hit counter
කුඩු සලිඳුගේ ගෝලයෙක් කෝටි 2ක අයිස් සමග අත්අඩංගුවට

කුඩු සලිඳුගේ ගෝලයෙක් කෝටි 2ක අයිස් සමග අත්අඩංගුවට

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිඳුගේ ගෝලයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බළකාය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අළුබෝමුල්ල , සදගලවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

සැකකරු පරීක්ෂාකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 40 ක් සොයාගත් බව පොලිසිය කීය. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු යොදා සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )