ප්‍රකට හොලිවුඩ් නළු ක්‍රිස්ටීන් බේල් ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරා ගනියි

ප්‍රකට හොලිවුඩ් නළු ක්‍රිස්ටීන් බේල් ශ්‍රී ලංකන් ගුවන් සේවය තෝරා ගනියි

ලොව ප්‍රකට බැට්මෑන් චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු ක්‍රිස්ටියන් බේල් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අනතුරුව ඔහු සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ඔහු සිය ගුවන් ගමනට තෝරාගෙන ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

කොළඹ සිට මාලේ බලා පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූඑල් 115 ගුවන් යානයට ගොඩවූ අවස්ථාවේ ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ.

ඒ සම්බන්ධයෙන්, ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් ද තබා ඇති අතර ක්‍රිස්ටියන් බේල් ඔහු ගමන් කළ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයකට පෙනී සිටින අයුරු එහි දැක්වේ.

අප්‍රේල් 3 වන දින UL 115 දරන ගුවන් යානය වෙත ජනප්‍රිය නළුවෙකු වන ක්‍රිස්ටියන් බේල් පිළිගැනීමට ලැබීම ගැන සතුටට පත් වන බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය සටහනේ සඳහන් කර ඇත.