උතුරු ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමකින් 4 ක් මරුට

උතුරු ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමකින් 4 ක් මරුට

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.

එමෙන්ම, පිපිරීමෙන් තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබේ.

ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇත.

පිපිරීමෙන් මියගිය පුද්ගලයන් අවුරුදු 35ත් 73ත් අතර වයස්වල පසුවන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

Share This