පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රී අටකට ශ්‍රීලනිපයෙන් කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ මන්ත්‍රී අටකට ශ්‍රීලනිපයෙන් කැඳවීමක්

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවා තිබේ.

එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම මන්ත්‍රීවරුන් මධ්‍යම කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

මෙසේ කැඳවනු ලැබ සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරු වෙති.

Share This