දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කෙරේ

දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කෙරේ

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හරින බවයි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් (QR කේතය) මගින් ඉන්ධන ලබාදීම සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ද අමාත්‍යවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share This