චීනයට රිළවුන් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනයට කමිටුවක්

චීනයට රිළවුන් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනයට කමිටුවක්

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා අමාත්‍යාංශ 04ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

වනජීවි, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයන් පිරිසකගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණි.

ඒ අනුව මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

Share This