නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර

නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්ණායකවලට අනුව සැකසුණු නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන ඒකාබද්ධව එම මරණ සහතිකය සකස් කර ඇති බවයි, එහි සභාපති අනුර හේරත් මහතා සඳහන් කළේ.