මග්ගොන දුවේගොඩ සුදර්ශනාරාමයේ ධාතු කරඬු තැන්පත් කිරීමේ පිංකම් මාලාවක්

මග්ගොන දුවේගොඩ සුදර්ශනාරාමයේ ධාතු කරඬු තැන්පත් කිරීමේ පිංකම් මාලාවක්

මග්ගොන දුවේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය අරියශිල තිස්ස නාහිමියන්ගේ පැවිදි දිවියට වසර 25ක් සපිරීමට සමගාමීව සංවිධානය කළ පිංකම් මාලාවක් ඊයේ (11) විහාරස්ථානයේදී පැවත්විණි.

එහිදී ගැබිණි මව්වරු 100 දෙනෙකු සඳහා වියලි අහාර මලු බෙදා දීම විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේදී පැවැත්වුණි.

පස්වරුවේ අටපිරිකර 100ක් සහිත නව අරහාදී පහන් පුජාව පැවැත්වීමෙන් අනතුරුව මහා සංඝ රත්නය 100 නමක් වැඩමවා රතන සුත්‍රය දේශනා කිරීමේ පිංකමක් ද සිදු කෙරිණි.

අනතුරුව පසුගිය 05 වනදා විහාරස්ථානය වෙත වැඩම කෙරුණු ධාතු කරඬු 8 ක් ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සිදු කෙරුණු අතර පසුව කිරි අම්මාවරුන් වෙනුවෙන් දානය දී පිංකම් මාලාව නිමාවට පත් කෙරුණි.