විද්‍යුත් වාහන ආනයනය ගැන නව කැබිනට් තීරණයක්

විද්‍යුත් වාහන ආනයනය ගැන නව කැබිනට් තීරණයක්

වි‌දෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවත් වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය මේ වසරේ සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත.

එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමට රජය තීරණය කළේය.

ඒ අනුව, විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිවුණි.

කෙසේවෙතත්, එම කාලසීමාව තුළදී ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවකාශ නොසැලසෙන බව පෙනී ගොස් ඇති බැවින් එම කාලසීමාව 2023-09-15 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

Share This