මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක්

මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක්

මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර තිබේ.

ලබන වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පැවසුවේ, පාසල් ළමුන් ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක්ද වෙන් කරන බවයි.

ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්, නොමිලේ පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක්, දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක්, 05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක් සහ පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක් අයවැය මගින් වෙන් කර තිබේ.

Share This