ජනාධිපති පත් කරපු අපි ඇයි විපක්ෂයේ වාඩිවෙන්නෙ -ජොන්ස්ටන්

ජනාධිපති පත් කරපු අපි ඇයි විපක්ෂයේ වාඩිවෙන්නෙ -ජොන්ස්ටන්

ජනාධිපති පත්කලේ අපි බහුතරය හදලා දුන්නෙ අපි ඉතින් අපි හදලා දීපු ,ජනාධිපතිවරයෙක් පත් කරපු අපි විපක්ෂයේ වාඩිවෙන්නෙ නෑ.යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

ඔබතුමලා විපක්ෂයේ වාඩිවෙනවා කියන්නෙ ඇත්තද? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙලෙස පැවසීය.

ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ නැවත අගමැති කරනවා කියන්නෙ ඇත්තද?

ජොන්ස්ටන් ප්‍රනාන්දු- මහින්ද මහත්තයා කොහෙවත් ඉල්ලා තියෙනවද අගමැතිකම ඕනෙ කියලා.ඕවා ප්ලාන්ට් නිවුස්.දැන් අගමැති කෙනෙක් ඉන්නෙ.

ප්‍රශ්නය- ඇමතිකම් නැති නිසානෙ විපක්ෂයට යන්නෙ?

අපි හදපු ආණ්ඩුව අපි පත් කරපු ජනාධිපති දැන් හොදින් කරගෙන යනවනෙ. අපට ඕනෙ ඇමතිකම් නෙවෙයි රටේ ආර්ථිකය ශක්තිමත් කරන එක ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහල නංවන එක .අනික අපි කිවුවා සජබෙන් ඕනෙ තරමක් අරගෙන ආණ්ඩුව  ශක්තිමත් කරන්න කියලා.ඉතින් එහෙම කරන්නනෙ ඕනෙ.

Share This