whatsapp පරිශීලකයන්ට නව විශේෂාංගයක්

whatsapp පරිශීලකයන්ට නව විශේෂාංගයක්

මෙටා විසින් වට්සැප් වෙත නව විශේෂාංගයක් එක් කර තිබේ.

එමඟින් පරිශීලකයින්ට විශේෂිත චැට් ලොක් කිරීමේ පහසුකම සලසා තිබේ.

මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකිය.

චැට් එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බව මෙටා සමාගම පවසයි.

මෙම නව විශේෂාංගය හරහා තම චැට් රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලැබේ.

මේ හේතුවෙන් යමෙකුට ඔබගේ දුරකථනය අතට ගත්ත ද ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ ලොක් කර තිබෙන චැට් වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇත.

Share This